ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තවදුරටත් මූල්‍ය මෙහෙයවර පුළුල් කරමින් සිංගර් ෆිනෑන්ස් පීඑල්සී සිය 50 වන ශාඛාව යාපනයේදී විවෘත කරයි.
සිංගර් ශ්‍රී ලංකා සහ හේලිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සිංගර් ෆිනෑන්ස් පීඑල්සී සිය 49 වන හා 50 වැනි ශාඛාවන් නෙල්ලිඅඩි හා යාපනයේ 2023 මාර්තු 31 වන දින විවෘත කිරීමත් සමඟ සිය ශාඛා ජාලයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සූදානම් වේ.
සිංගර් ෆිනෑන්ස් පීඑල්සී 2004 වසරේ ආරම්භයේ පටන් මෙරට ගනුදෙනුකරුවන් වෙනුවෙන් මූල්‍ය විසඳුම් සපයමින් වර්තමානය වන විට මූල්‍ය ක්ෂේත්රයේ ස්ථාවරත්වයට පත් වී ඇත. එසේම ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රමුඛතම මූල්‍ය හවුල්කරුවා ලෙස දිවයින පුරා පිහිටි සිය ශාඛා ජාලය පුළුල් කරමින් පුද්ගල හා ව්‍යාපාර සවිබල ගැන්වීමට කටයුතු කරනු ලබයි.
සිංගර් ෆිනෑන්ස් පීඑල්සී හි සභාපති අරවින්ද පෙරේරා මහතා මෙම ඓතිහාසික විවෘත කිරීම පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “අපගේ පනස්වැනි ශාඛාව විවෘත කිරීම සැබැවින්ම අර්ථවත් සන්ධිස්ථානයක්. මේ වෙනුවෙන් කැප වන ලද සියලු දෙනාම ලද ජයග්‍රහණයක් ලෙස මෙය සලකන්න පුළුවන්. සමාගමක් ලෙස අප කොතරම් දුරට වර්ධනය වී ඇතිදැයි යන්න වසර ගණනාවක් පුරාවට අපගේ පාරිභෝගිකයින් අප කෙරෙහි කෙතරම් විශ්වාසයක් තබා ඇතිද යන්න මෙය කදිම උදාහරණයක්.වසර ගණනාවක් පුරාවට මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කැප වූ සියලු දෙනා වෙනුවෙන් මම කෘතඥතාවය පුද කරනවා.”
කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අභියෝග හා පසුබෑම් හමුවේ වුවද සිංගර් ෆිනෑන්ස් පීඑල්සී ඒවාට සාර්ථකව මුහුණ දුන් අතර 2017දී ශාඛා 25 සිට 2023 වසර වන විට ශාඛා 50 දක්වා සිය ජාලය දෙගුණ කර ගැනීමට සමත් විය.
“වර්තමානයේ පවතින ආර්ථික අභියෝග හමුවේ සිංගර් ෆිනෑන්ස් පීඑල්සී මෙබඳු ජයග්‍රහණයක් සනිටුහන් කිරීම දැක ගැනීමට හැකි වීම අතිශය සතුටට හා ආඩම්බරයට කරුණක්. තවදුරටත් මෙරට ජනතාව වෙනුවෙන් ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම් මෙන්ම රන් ණය පහසුකම් හා අන්තර්ජාල බැංකුකරණය වැනි නව්‍ය මූල්‍ය නිෂ්පාදන වෙත ප්‍රවේශ වීමේ පහසුකම් තවදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. “සිංගර් ෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක අධ්යක්ෂ තුෂාන් අමරසූරිය මහතා සිය අදහස් පළ කළේය.
සමාගමේ අඛණ්ඩ ව්‍යාප්තිය සිය ගනුදෙනුකරුවන් සමඟ කල්පවත්නා සබඳතා ගොඩනඟා ගත හැකි සදාචාරාත්මක මූල්‍ය සේවා සැපයීමේ මෙහෙවර සඳහා සමාගමේ කැපවීම පිළිබඳ සාක්ෂියකි.”