banner-image overlay

Visa Debit කාඩ් පත

ඔබේ ගෙවීම් කටයුතු වඩාත් පහසුවෙන්

SINGER FINANCE Visa Debit කාඩ්පත සමඟ බාධාවකින් තොරව ගනුදෙනු කරන්න.

image

ලොව පුරා ප්‍රචලිත, මිලියන ගණනක වෙළඳ ව්‍යාපාර විසින් පිළිගන්නා, අපගේ Visa Debit කාඩ්පත ඔබට අන්තර්ජාලය හරහා e-commerce ගනුදෙනු සිදු කිරීමට, හෝටල් සේවා ලබාගැනීමට, සංචාරක ගමනාන්ත වෙන්කර ගැනීමට සහ තවත් බොහෝ දේ සිදුකිරීමට හැකියාව ලබාදෙයි.


24*7 සේවා මධ්‍යස්ථානයක සහය ඇතිව ඉහළම ආරක්‍ෂක ප්‍රොටෝකෝල අත්විඳිමින් මේ වාසි සහගත ඩිජිටල්කරණ අත්දැකීම ලබාගන්න.


ඕනෑම SINGER FINANCE ඉතුරුම් ගිණුම් හිමියෙකුට අපගේ ඕනෑම ශාඛාවකට පිවිසීමෙන් හෝ ක්ෂණික ඇමතුම් අංකය අමතා කාඩ්පතක් සඳහා අයදුම් කිරීමෙන් වීසා ඩෙබිට් කාඩ්පතක් ලබා ගත හැක.



Visa Debit කාඩ්පත පිලිබඳ ඔබ දැනගත යුතු දේ

විශේෂාංග, ප්‍රතිලාභ සහ අවශ්‍ය සුදුසුකම්

  • සියලුම SINGER FINANCE ඉතුරුම් ගිණුම් හිමියන්ට (සාමාන්‍ය ඉතුරුම් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම්) මේ සඳහා ඉල්ලුම් කළ හැක.
  • නියමිත පරිදි සම්පුර්ණ කරන ලද ඩෙබිට් කාඩ්පත් අයදුම් පත්‍රයක් සමඟින් පාරිභෝගිකයින්ට දිවයින පුරා පිහිටි ඕනෑම SINGER FINANCE ශාඛාවකට පිවිසිය හැක. අයදුම් කිරීම පිළිබඳ වැඩි විස්තර සඳහා ඔවුන්ට ක්ෂණික ඇමතුම් අංකයටද ඇමතිය හැකිය.
  • අයදුම් කිරීමෙන් පසු අදාළ SINGER FINANCE ශාඛාවට පිවිසීමෙන් ඩෙබිට් කාඩ්පත ලබා ගත හැක / ශාඛාව විසින් PIN විස්තර සමඟ කාඩ්පත ලබා දී ඇති ලිපිනයට එවනු ලැබේ. 
  • කාඩ්පත සක්‍රිය වීම එවෙලේම සිදුවේ (Real Time)
  • ගනුදෙනුකරුවන්ට සිය ඩෙබිට් කාඩ්පත පහත අයුරින් භාවිත කළ හැක.
  • ලොව පුරා ඕනෑම Visa ATM යන්ත්‍රයකින් ඔබේ ඉතුරුම් ගිණුමට ප්‍රවේශ වීමට හැකිවීම.
  • ලොව පුරා Visa වෙළඳ ව්‍යාපාර වෙනුවෙන් භාවිත කළ හැකිවීම.
  •   Visa ඩෙබිට් කාඩ්පත භාවිතා කිරීම වෙනුවෙන්  කිසිදු ගාස්තුවක් අය නොවේ.
  • සියලුම ගණුදෙනු සඳහා නොමිලේ හිමිවෙන SMS alert පහසුව 
  • 24*7 පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක පහසුව
  • කාඩ්පත් අක්‍රිය කිරීම්, PIN ගැටළු සහ අනෙකුත් අදාළ කරුණු සඳහා පාරිභෝගිකයින් ට  0112 100 100/ 011 1 100 100 යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකිය

ගාස්තු සහ කොන්දේසි

  • Card Fee - Rs.350/-
  • Card Renewal Fee - Rs.350/-
  • Card Replacement Fee - Rs.350/-
  • PIN Replacement Fee - Rs.200/-
  • ATM Withdrawal Fee - Rs.50/-
  • PIN Fee - Free of Charge
  • Card Courier Fee - Free of Charge
  • SMS Alerts - Free of Charge