SINGER FINANCE හි නවතම තොරතුරු ඔබත් දැනගන්න
මූල්‍ය ලෝකයේ තොරතුරු අපේ ඇසින් දැකගන්න
There Are currently no news available.
වසර 2004 දී මූල්‍ය ක්ෂේත්‍රයේ වඩාත් විශ්වාසනීය මූල්‍ය සෙවා සපයන්නෙකුගේ කාර්යභාරය ඉටුකිරීමේ අභිලාෂයෙන් ඇරඹි SINGER FINANCE , 2024 වන විට සිය වසර 20ක අභිමානය සමරයි. පහසු මාසික වාරික හරහා සිංගර් පාරිභෝගික නිෂ්පාදන මිලදී ගැනීමට පහසුකම් සැලසීම සඳහා පාරිභෝගික මූල්‍ය ව්‍යාපාරයක් ලෙස මූල්‍ය ක්ෂේත්‍රයට පිවිසියත්, අද වන විට ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙනුවෙන් පුළුල් මූල්‍ය විසඳුම් රාශියක් ඉදිරිපත් කරන සමාගමක් ලෙස SINGER FINANCE සමාගම, මූල්‍ය ක්ෂේත්‍රය තුල අභිමානයෙන් කටයුතු කරමින් සිටී.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය විසඳුම් සපයන්නකු වන SINGER FINANCE ආයතනය , පසුගියදා පැවති Great Place to Work (GPTW) සම්මාන උළෙලේදී අඛණ්ඩව පස්වන වරටත් කීර්තිමත් ලෙස සම්මාන හිමිකරගෙන ඇත.
2026 ජනවාරි 1 වන දින SINGER FINANCE, සියලුම ශාඛා වෙත පැමිණ, ගනුදෙනු සිදුකල සිය පාරිභෝගික හිතවතුන්ට , මිහිකත සරසන තුරු පැළයක් තිලිණ කරමින් සිය සුභාසිංශන පිරිනැමීය. ශ්‍රී ලාංකීය ජනතාවගේ සිහින සහ බලාපොරොත්තු මල් ඵල ගන්වන්නට සදා උර දෙන මූල්‍ය ආයතනයක් ලෙස SINGER FINANCE විසින්, Growing Dreams 2026 නම් සංකල්පය මේ නව වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ සිය පාරිභෝගික හිතවතුන්ට මෙන්ම පුළුල් වශයෙන් ගත් කල, මුළුමහත් ලෝවැසි සියලුම දෙනාගේ ද හරිත සිහිනය ට පණ පොවමිනි. ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුල වඩාත් විශ්වාසනීය මෙන්ම ඉතා ඉහල පාරිභෝගික සේවාවක් සැපයීම වෙනුවෙන් නම් දරා සිටින SINGER FINANCE, තිරසාර සංවර්ධන සංකල්පයට අනුගත වෙමින් රට පුරා නොයෙකුත් වැඩසටහන් ද දියත් කරමින් සිටින්නේ, වඩා වගකීමක් සහිත, මූල්‍ය ආයතනයක් ලෙසයි.
QR මත පදනම් වූ ජංගම මුදල් එකතු කිරීමේ සේවාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ පුරෝගාමී පියවරකි. SINGER FINANCE ඉතුරුම් නියෝජිතයින් විසින් වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථානවල QR කේත සහිත මුදල් රැස්කිරීමේ මන්ජුසාවක් තැන්පත් කර ඇති අතර, මේ හරහා SINGER FINANCE “මුතු” ළමා ඉතුරුම් ගිණුම් ඇතුළුව, ව්‍යාපාර හිමිකරුවන්ට ඔවුන්ගේ ඉතුරුම් ගිණුම්වලට සෘජුවම මුදල් තැන්පත් කිරීමට ඉඩ සලසයි. අධාල මංජුසාව බැංකුවේ තැන්පත් කිරීම අවශ්‍ය වූ විට අදාළ පාරිභෝගිකයාට සිදු කල යුතු වන්නේ ඔවුන්ගේ ජංගම දුරකථන මගින් QR කේතය scan කර සිය විස්තර සැපයීම පමණි. SINGER FINANCE තැන්පතු නියෝජිතයින් ඉතා කෙටි වෙලාවකින් මුදල් එකතු කිරීමට සහ සම්පූර්ණ ගනුදෙනුව ඩිජිටල් තාක්ෂනය ඔස්සේ වලංගු කිරීමට එම ස්ථානයටම පැමිණෙන අතර එකතු කරන ලද මුදල් තත්‍ය කාලීන ගනුදෙනුවක් ලෙස පාරිභෝගිකයාගේ අදාළ ඉතුරුම් ගිණුම් වෙත සුරක්ෂිතව තැන්පත් කරනු ලැබේ.